ටික දවසකට මගෙ බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුන නිසා බ්ලොග් එක පාළුවට ගිහින් කියල හිතෙනවා. ඒ වගේම කාගෙවත් බ්ලොගකට ගොඩ වෙන්නත් බැරි උනා. ඒ ගතිය නැති කරල දාන්නත් එක්ක මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනා. කියන්න හදන්නෙ බ්ලොග් එකක් ගැන පොඩි ඔත්තුවක්. ඇත්තටම ඔත්තුවක් දෙන්න දේකුත් නෑ. ඒ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුදු ගාණක් වෙනවා. නමුත් මට හිතෙනව ඒ බ්ලොග් එක අපේ ගොඩ දෙනෙක්ට මගහැරිලා කියල. එක්කො මගහරිනවා වෙන්නත් පුළුවන්. වැල් වටාරම් නැතුව කෙලින්ම කියන්නම්කො. මේ කියන්න හදන්නෙ << කඳු >> බ්ලොග් එක ගැන. ගොඩ දෙනෙක් මේ බ්ලොග් එක ගැන දන්නවා කියල මට හිතෙනවා. ඒ වගේම සමහරු අනං මනං කියයි කියලත් හිතෙනවා. "අපෝ ඒකෙ කමෙන්ට් එකක් දැම්මට රිප්ලයි එකක් වත් දාන්නෙ නෑ", "එයාගෙ ලොකු කමට වෙන්න ඇති කමෙන්ට් කරන්නෙ නැත්තෙ, අපි යයි එයාගෙ බ්ලොග බලන්න" ඔය වගේ නොයෙකුත් ජාති කියනවා ඇති කියල මට හිතෙනවා :D. ඇත්තටම කමෙන්ට් එකක් දැම්මට රිප්ලයි කරන්නෙ නම් නැහැ තමා ලේසියකට. මට හිතෙන්නෙ බ්ලොග් එක කරන අයිතිකාරියට තියෙන කාර්යබහුලත්වය වෙන්න ඇති ඒකට හේතුව.
ඒ මොනවා උනත් කඳු බ්ලොග් එකට ගිය ඕන කෙනෙක් දන්නව කොයිතරම් හැකියාවක් තියෙන කෙනෙක්ද ඒක ලියන්නෙ කියල. සිංහල භාෂාව හසුරවන අපූරුව ඒ බ්ලොග් එකෙන් ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. ලස්සන කවි වර්ග, කතා ආදිය හිත ඇදිල යන විදිහට ලියල තියෙන හැටි දැක්කම කමෙන්ට් වලට රිප්ලයි නොකළත් හොරෙන් හරි ගිහින් බලන්න හිතෙන එක හැම කෙනෙක්ටම සාමාන්‍ය දෙයක් වෙන්න ඇති කියල මට හිතෙනවා. ඒ වගේම හැම පෝස්ට් එකකටම යොදාගන්නා ඡායාරූපයේ අයිති කරුවාගේ නම හෝ අඩුම ගානෙ අරගත්ත තැන හරි ලින්ක් එකත් එක්ක දාන එකත් සුවිශේෂයි. අපි නම් ගොඩ දෙනෙක් ඒක කරන්නෙම නෑ (මාත් ඇතුළුව) :D. අපි කරන්නෙ ඕන ඡායාරූපයක් අපේ වගේ දාන ඒකනෙ. මේ බ්ලොග් එක ලියන්නේ සශිකා අමාලි මුණසිංහ කියන අක්කා. මම කියන්නෙ කඳු අක්ක කියල. කඳු බ්ලොග් එක ලියනවට අමතරව වෙනත් මාධ්‍ය වලට ලිපි එහෙමත් ලියනවා මම දැකලා තියෙනවා. සිංහල භාෂාව හැසිරවීම ගැන නම් කියන්න දෙයක් නැහැ.
ඉතිං මේ කඳු අක්ක ගැන කීවේ වෙන මොකකටවත් නෙමේ. කොයි තරම් වැඩ රාජකාරි මැද්දෙ හිටියත් මට සුපුරුදු සංගීත උණ අඩු වෙන්නෙ නෑනෙ. මම ඉතිං කඳු බ්ලොග් එක බලනවා සාමාන්‍යයෙන්. එහෙම බලද්දී ලස්සන කවි පේලි ටිකක් පළ කරලා තිබ්බා එක පොස්ට් එකක "ප්‍රේමයයි සොඳුර ඔබ ගැන" කියන මාතෘකාව දාලා.
<<මෙතනින් ඒ පොස්ට් එකත් බලන්න පුළුවන්>>
<<මෙතනින් ඒ පොස්ට් එකත් බලන්න පුළුවන්>>
ඒක දැක්ක හැටියෙ මට ඕනවුනේ කොහොම හරි ඒකට මම දන්න සංගීතෙ පාවිච්චි කරලා සිංදුවක් විදිහට නිර්මාණය කරන්න. කඳු අක්කගෙත් කැමැත්ත ඇතුව මම ඒක නිර්මාණය කළා. ගීතය නිර්මාණය කරද්දී කඳු අක්කා විසින්ම මුල් නිර්මාණයේ තිබ්බ පද පේළි දෙකක් වෙනස් කළා. මේ තියෙන්නේ ඒ පද ටික.
සඳ සරස නොමැති බව දැන
සඳ නෙළා ගෙනත් අහසට
මල් සුවඳ කැමති බව දැන
තුරු සියක් මවා හිනැහෙන
මා කුරුළු පියාපත් සිඹ
දොර කවුළු පියන් හැර ගෙන
කඳු ඉසහි රැඳෙන දේදුණු
පැහැ කරයි සතුට ගැන ගැන
ගඟ ඉවුරු අසළ හිඳ වෙණ
වයයි මිහිරි තුඩගින
රළ අතර විහිද උපදින
පැතුම් ඉපිද මිය යන
කඩවසම් ඉවුරු ගඟ ළඟ
නවතින්න බැරිද අසමින
දෑසමන් මලකි හිනැහෙන
ප්‍රේමයයි සොඳුර ඔබ ගැන
ඉතින් මේ පද පේළි ටිකට මගෙ හිතට ආව මෙලඩි එක දාල ගීතය නිර්මාණය කරලා මගේ යූටියුබ් චැනල් එකට අප්ලෝඩ් කළා. ඇත්තටම මේ ගීතය ගායනා කරන්න ඕනෙ ගායිකාවක්. මම ගායිකාවක් කොහෙන් සෙට් කරගන්නද මේවා කියන්න. දැනට ඉතින් මම ම ගායිකාවගෙ පාට් එකත් කලා. පස්සෙ හොඳ කෙනෙක් හම්බුනොත් කියන්න දෙනවා.
මම මේ ගීතය පළවෙනි පාරට මල්ටි ට්‍රැක් විදිහට හැදුවා. ඒ කියන්නෙ ෆෝන් එකෙන් සිංදුවේ කෑලි කෑලි රෙකෝඩින් කරලා පස්සෙ ඒ ටික එකතු කළා(ඔහොම තමා ඔයාලා හරි ලස්සනයි කිය කියා අහන ඔක්කොම සිංදු හදන්නෙත් ශබ්දාගාර වල. එකම වචන ටික හරියටම කියවෙනකන් පස් හය පාරක් කියනවා. මමත් බොහොම ප්‍රාථමික මට්ටමින් ඒ වැඩේ කරා). කෑලි එකතු කළේ ඇඩෝබි ඔඩිෂන් කියන මෘදුකාංගය පාවිච්චි කරලා. මේවා ඔක්කොම පර්යේෂණාත්මක මට්ටමේ නිර්මාණයන්. ඒ එක්කම පුළුවන් විදිහට තාක්ෂණයත් මුහු කරන්න උත්සාහ කරනවා. අඩු පාඩු තියෙනවනම් පෙන්වා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා. පහළින් යූටියුබ් වීඩියෝව සහ වීඩියෝ එක බලන්න බැරි අයට ඕඩියෝ එක දාල තියෙනවා අහන්න. අහල බලන්නකො මොකද තත්වෙ කියලා :D. අහන ගමන්ම පිං අතේ වැඩකුත් කරගන්න හැමෝටම අවස්තාවක් තියෙනවා. මගෙ බ්ලොග් එකේ ගැජට් එකක් එල්ලලා තියෙනවා දකුණු අත පැත්තෙ උඩම. ඒකෙ තියෙන්නෙ යූටියුබ් කියල රතුපාට බට්න් එකක්. ඒක ක්ලික් කරලා මගෙ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මහා පිං කමකට දායක වෙන්න හැම කෙනාටම පුළුවන් ;).

එහෙනං ගිහිං එන්නම්.
ජය වේවා!!!